යුනිමෝ වෙතින් ආරක්ෂාවත් සුවපහසුවත් එක්තැන් කල Z100 රථය ජනප්‍රියත්වයේ ඉහළටම

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාව වෙනස් වන්නේ නොසිතන තරම් වේගයකිනි. ලෝකයේ අනිකුත් රටවල ජන ජීවිතයට එකතු වන ඕනෑම දෙයක් එසැණින් අපේ රටේ ද භාවිතයට ගත හැකි තරම් තාක්ෂණයක් හරහා අප ලෝකය හා ඇද බැඳ තබා ඇත. කෑම බීම, ඇඳුම් පැලඳුම් මෙන්ම මෝටර් රථ කෙරෙහිද අප අවධානය යොමු වන්නේ ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වය සහ ඉහළම අලෙවිය ඇති නිෂ්පාදන කෙරෙහිය. විශේෂයෙන් මෝටර් රථ වෙළඳපොළ ගතහොත් ජාත්‍යන්තරයේ වැඩිම ඉල්ලුමක් ඇති අංගෝපාංග වලින් සමන්විත මෝටර් රථ කෙරෙහි ශ්‍රී ලාංකිකයන්ගේ ද වැඩි නැඹුරුවක් දක්නට තිබේ.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික රථවාහන හිමිකරුවන්ගේ ජනාදරය දිනූ මෝටර් රථ මාදිලි ගණනාවක් මෙරටට හඳුන්වා දුන් යුනයිටඩ් මෝටර්ස් ලංකා පි එල් සී අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටප්‍රයිසස් ලිමිටඩ් ශ්‍රී ලාංකේය වෙළඳපලට සාඩම්බරයෙන් හඳුන්වාදුන් Z100 මෝටර් රථය පසුගිය කාලසීමාව පුරාවට ඉහළම අලෙවියක් පවත්වා ගැනීමට සමත්වී ඇත. Z100 රථය මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පාරිභෝගිකයා වැය කරන මුදලට වඩා වටිනාකමක් ගෙනෙන අංගෝපාංග හා විශේෂාංග මීට ඇතුළත් වීමය. ප්‍රමාණයෙන් විශාල නොවූ බරින් අඩු Z100 දිගුකල් පැවැත්මට නම් දරා ඇත. එන්ජින් ධාරිතාව 1000cc වීම හා දැරිය හැකි මිලකට රථය මිලදී ගැනීමේ වාසිය සමගින් ඉහලම සුවපහසුවද ගෙනෙන විශේෂාංගයන්ගෙන්  සමන්විතයි.

ඉන්ධන ලීටරයකින් දිවෙන ගණන කිලෝමීටර් 22 ක් (පර්යේෂණ ධාවන තත්ත්වයන් යටතේ) තරම් ඉහළ අගයක් වීමෙන් මෙවන් කුඩා මෝටර් රථයකින් ඔබ බලාපොරොත්තු වන ‍ප්‍රධානතම අවශ්‍යතාවය Z100 සපුරයි. වේග පහකින් සමන්විත වීමත් ඕනෑම රළු මාර්ගයකට ඔරොත්තු දීමත් නිසා ඔබව සුවපහසුව ගමනාන්තයකට  රැගෙන යාමේ වගකීම Z100 භාරගෙන ඇත.

මීටර් 4.5 ක තරම් ඉතා කෙටි වූ හැරවුම් අරයක් සහිත වීම රියදුරුට අඩු ඉඩකඩක වුවද අපහසුවකින් තොරව වාහනය හැරවීමේ අවස්ථාව උදාකර දෙන්නේ මෙම කාණ්ඩයේ කිසිදු මෝටර් රථයකට නොදෙවෙනි වෙමිනි. එමෙන්ම අඟල් 14 ප්‍රමාණයේ විශාල alloy wheel වාහනයේ sporty පෙනුමද මනාව ඉස්මතු කරයි.

Z100 ජීවිතයේ ප්‍රථම වරට තමන්ගේම කියා වාහනයක් මිලදී ගන්නා අය අතර ඉතා ජනප්‍රියය. එසේම නිවසකට දෙවන වාහනයක අවශ්‍යතාවය මතුවූ සැනින් පලමු තේරීම බවට ද Z100 රථය පත්ව ඇත එමෙන්ම මෙහි සිත් බඳනා පෙනුම සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට සමත්ව ඇත. Air conditioning, Electric power steering, Power window වැනි පහසුකම් වලට අමතරව මනස්කාන්තවූ ඇතුළත නිමාව එහි වටිනාකම ඔබට සහතික කරනු ඇත.

කිසිවෙකුට සමකල නොහැකි යුනිමෝ එන්ටර්ප්‍රයිසස්හි අලෙවියෙන් පසු සේවාවත් නඩත්තු වියදම් අඩු වීමක් නිසා  Z100 රථය භාවිත කරන දිගු කාලය පුරා ඒ වෙනුවෙන් දැරිය යුතු වියදම් ඉතා අවම වීම විශේෂ වාසියකි.

මූලික වර්ණ හතරකින් ඉදිරිපත් කර ඇති Z100 පාරිභෝගිකයන්ගේ  අවශ්‍යතාවය පරිදි කැමති වර්ණයකින් මෙන්ම ද්විත්ව වර්ණ ගැන්වීමකින්ද (two-tone) ඇනවුම් කිරීමේ අවස්ථාව උදා කර දී තිබේ.මෝටර් රථයකින් ඔබ බලාපොරොත්තු වන යමක් වේ නම් ඒ සියල්ල කැටිකොට ඇති Z100 රථය ඔබේ අවශ්‍යතාවය සහමුලින්ම සපුරාලනු නොඅනුමානය.

සහකාර සාමාන්‍යාධිකාරී (Z 100) ශිරන්ත පල්ලියගුරුගේ මහතා මෙහි ජනප්‍රියත්වයත් සීඝ්‍ර අලෙවියත් පිළිබඳව සිය අදහස් දක්වමින් “විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් සමග අද කාලයේ දැරිය හැකි මුදලකට මෙවැනි අද්විතීය අංගෝපාංග සහිත hatchback රථයක් දේශීය ආර්ථිකයට සවියක් වෙමින් වෙළදපලට  නිකුත් කිරීමට ලැබීම ගැන සතුටට පත් වෙනවා"යි සඳහන් කලේය.

කොළඹ 2, හයිඩ් පාර්ක් කෝනර් හි අංක 100 දරණ ස්ථානයේ පිහිටා ඇති යුනිමෝ එන්ටප්‍රයිසස් ලිමිටඩ් ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ දී ඔබේ Z100 රථය රු :2,150,000 ක මුදලකට  ඔබ සතුකර ගත හැකි අතරම දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටප්‍රයිසස්  ලිමිටඩ් ශාඛා හා බලයලත් අලෙවි නියෝජිතයන් මගින් ද මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. වැඩි විස්තර දැනගැනීමට 0117 565 199 අංකය අමතන්න.

යුනිමෝ වෙතින් ආරක්ෂාවත් සුවපහසුවත් එක්තැන් කල Z100 රථය ජනප්‍රියත්වයේ ඉහළටම