JMC ට්‍රක්රථ සමගින් කැළණි කේබල්ස් බෙදාහැරීමේ ජාලය තවදුරටත් ශක්තිමත් වෙයි

වසර 73ක අද්විතීය කීර්තිනාමයකට හිමිකම් කියන JMC ට්‍රක්රථ පසුගිය දා සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරනු ලැබූවේ කැළණි කේබල්ස් සමාගම JMC ට්‍රක්රථ සිය බෙදාහැරීමේ ජාලයට එක්කර ගැනීමත් සමගය. එම ට්‍රක්රථ නිල වශයෙන් ඔවුන් වෙත බාරදීම පසුගියදා කැළණි කේබල්ස් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

කැළණි කේබල්ස් සමාගම සිය නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රියාවලිය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් තම බෙදාහැරීමේ රථ පෙළට නවතම JMC ට්‍රක්රථ 18ක් එක් කර ගනු ලැබීය. ආරක්ෂා සහිතව විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවේ සෑම දිශාවකටම සිය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව JMC ට්‍රක්රථ ඉහළින්ම සපුරන බවට කැලණි කේබල්ස් සමාගම තීරණය කළේ අනෙකුත් තරගකාරී ට්‍රක්රථ සමඟ සිදුකෙරුණු වෙළෙඳපොළ සමීක්ෂණයකින් ද අනතුරුවය.

දශක ගණනාවක් පුරා මෝටර් රථ ක්ෂේත්‍රයේ නම් දරා සිටින යුනයිටඩ් මෝටර්ස් ලංකා පි එල් සී අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටප්‍රයිසස් ලිමිටඩ් ශ්‍රී ලාංකේය වෙළඳපලට හඳුන්වා දී ඇති JMC ට්‍රක්රථ බලගැන්වෙන්නේ නියම ජපන් තාක්ෂණයෙන් යුත් 4JB1 එන්ජිමකි. වැඩිබරක් සමගින් තැනිතලා මෙන්ම කඳුකර මාර්ගවල ද කිසිදු අපහසුතාවයකින් තොරව ධාවනය කිරීමේ හැකියාව මෙම 4JB1 common rail ටර්බෝ ජවයෙන් යුත් එන්ජිම JMC ට්‍රක්රථ වෙත ලබා දෙයි.

JMC ට්‍රක්රථ නිෂ්පාදනය කරනු ලබන්නේ නියම ජපන් තාක්ෂණය යොදා ගනිමින් ජාත්‍යන්තර නිර්ණායකයන් සියල්ල සපුරාලමිනි. සිය බෙදාහැරීමේ ජාලයට JMC ට්‍රක්රථයක් පළමුවරට එක්කරගත් බොහෝ ආයතන එතැන් පටන් දිගින් දිගටම JMC සමගින් සිය ජාලය පුළුල් කර ගන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළින්ම සපුරා ඇති බැවිනි.

ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට මනාව ගැළපෙන අයුරින් සහ විවිධ මං මාවත් වලට ඔරොත්තු දෙන අයුරින් JMC ට්‍රක්රථ නිර්මාණය කර තිබීම ද විශේෂ වාසියකි.  JMC ට්‍රක්රථ සඳහා යොදා ගැනෙන පවර් ස්ටියරින් පද්ධතිය රළු බොරළු සහිත මාර්ග වල වුවද රථය පැදවීමේදී අපහසුවකින් තොරව හැසිරවීමේ හැකියාව ලබාදෙයි. එමෙන්ම Steering Wheel එක පදවන්නාගේ පහසුව අනුව උස් පහත් කර සකස් කර ගැනීමේ හැකියාව (Adjustable Steering) ද ඇත.

විශේෂයෙන් බර පටවා ගෙන ධාවනය කිරීමේ දී ආරක්ෂාව ඉතා වැදගත් වේ. ඉතා ආරක්ෂාකාරීව ක්ෂණයකින් JMC ට්‍රක්රථ නවතා ගැනීමේ හැකියාව නවීනතම තාක්ෂණය යොදාගනිමින් වැඩිදියුණු කල ABS තිරිංග පද්ධතිය සහතික කරයි. එමෙන්ම දිගු ගමනාන්තයක් දක්වා ගමන් කිරීමේ දී විශේෂයෙන් රියදුරුට අපහසුවක් නොදැනෙන පරිදි ආසන සකස් කරගැනීම අත්‍යවශ්‍ය බැවින් adjustable seat පහසුකම ඊට මනා පිටිවහලක් සපයයි.

වේග 6කින් සමන්විත වීම, ඉන්ධන පිරිමැස්ම, රියදුරුට සහ සහයකට ඉදිරිපස ඇති මනා ඉඩකඩ ඇතුලු අනෙකුත් සාමාන්‍ය අංගෝපාංගයන්ට අමතරව ගමනේ කාන්සිය විඩාව මග හරවා තමන් කැමති සංගීත රසාස්වාදය ලබාගත හැකි USB පහසුකමද රේඩියෝවට අමතරව ලබා දී ඇත. තවද අඩි 10, 12, 16 යන තට්ටු වලින් හා කැබ් සහ චැසි, හාෆ් බොඩි ,ෆුල් බොඩි මාදිලි වලින්ද ලබාගත හැකි අතර මිල රුපියල් 2,850,000 සිට ඉහළට ලබාගත හැකිය.

යුනිමෝ එන්ටර්ප්‍රයිසස්හි අසමසම අලෙවියෙන් පසු සේවාව සමගින් පිරිනැමෙන 80,000 km හෝ වසර 3ක වගකීම JMC ට්‍රක් රථ මිලදී ගන්නන්ට  විශාල අස්වැසිල්ලකි.

නුගේගොඩ , නාවල පාර , නො 43 දරණ ස්ථානයේ පිහිටා ඇති යුනිමෝ එන්ටප්‍රයිසස් ලිමිටඩ් ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ දී මෙන්ම දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටප්‍රයිසස්  ලිමිටඩ් ශාඛා හා බලයලත් අලෙවි නියෝජිතයන් මගින් ද JMC ට්‍රක්රථ මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. වැඩි විස්තර දැනගැනීම සඳහා 0117 565 135 අංකය අමතන්න.

United Motors Jmc Truck